18th September 2024 13:43:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, එතුමන් මහා සංඝරත්නය උදෙසා පිරිකර සහ ගිලන්පස පූජා කළේය.
මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන් රාජකාරි හෙබවන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.