18th September 2024 16:14:49 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 18 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී අභියෝගාත්මක අවස්ථාවන්හිදී දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පුදකළේය. සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය. යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත තිළිණ ප්‍රදානය කරනු ලැබීය.
මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 ඔක්තෝබර් මස 15 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී පාකිස්තානු හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව හදාරනු ලැබීය. පාකිස්තානු හමුදා විද්‍යාපීඨය සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් වූ එතුමන් වර්ෂ 1991 මාර්තු මස 13 දින ගැමුණු හේවා බලකායට අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2024 ජනවාරි මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 සැප්තැම්බර් මස 27 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.
එතුමන්ගේ වෘත්තීමය දිවිය තුළදී, 1 බලඇණියේ ගැමුණු හේවා බලකායේ කණ්ඩභාර නිලධාරි, 521 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත), කොහුවල පිහිටි ගැමුණු හේවා බලකායේ පසු මූලයේ අණදෙන නිලධාරී, එවකට රාජකාරි හෙබවූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා බලකායේ බලකාධිපතිතුමන්ගේ අධි සහයක, 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ නිලධාරි අණදෙන, රත්නපුර පිහිටි උප ප්‍රදේශ මූලස්ථානයේ බලසේනා මේජර්, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරි, 57 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පරිපාලන), ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ 11 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි, 592 හා 512 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ අණදෙන නිලධාරි සහ 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත
සිය හමුදා දිවිය තුළදී, කණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව, මූලික පිහිනුම් පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, නිරායුධකරණය සහ නැවත ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව - බංගලාදේශය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.