16th September 2024 11:53:28 Hours
571 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.ජි.ජේ.පී. තිලකරත්න යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු මස 30 දින 1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකර යෑමේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, බලසේනාධිපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් පැළයක් රෝපණය කිරීමෙන් පසුව කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.
ඉන් අනතුරුව, බලසේනාධිපතිතුමන් භටපිරිස් අමතමින් සාර්ථකත්වය ළඟාකරගැනීම සඳහා සෙබළුන්ගේ විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.
මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.