14th September 2024 20:50:16 Hours
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රථම නිල සංචාරය 2024 සැප්තැම්බර් මස 09 දින නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජි.අයි.ඩී.ඩී. ධර්මරත්න ආර්එස්පී යූඑස්ඒපී යූඑස්ඒසීජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් පිළිගැනීමෙන් පසුව එම ඒකකයේ භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකයවෙත පුෂ්පෝපහාර දැක් විය.
එතුමන් සිය සංචාරය අතරතුර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරේ පැළයක් රෝපණය කිරීමේන් පසුව සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. අණදෙන නිලධාරිතුමන් විසින් ඉදිරිපත්කළ බලඇණියේ රාජකාරීන් පිළිබඳ කෙට් හැදින්වීම සඳහා සහභාගීවූ එතුමන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය. බලකාධිපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී විය.
බලකාධිපතිතුමන් නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව, කඳවුරෙන පිටත්ව යාමට පෙර විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සංචාරයේ වැඩකටයුතු අවසන් කෙරෙණි.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.