13th September 2024 22:31:42 Hours
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 13 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළදී තම වෘත්තීය ජීවිතය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන් හිදී නොසැලෙන කැපවීමෙන් සහ ආදර්ශමත් කාර්ය සාධනයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඇගයීමට ලක්කළේය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.
මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 02 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී. පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීටයන් මෙන්ම දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව එතුමන් වර්ෂ 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2023 ඔක්තෝබර් මස 31දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 සැප්තැම්බර් මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයතුල බල රැලි නිලධාරි 1,3 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, විධායක නිලධාරි සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිලධාරි සහ විධායක අධිකාරි කෙඩෙට් නිලධාරි අංශය, රැලි නිලධාරි සේබර් බලඝණය 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, රැලි නිලධාරි මූලස්ථාන බලඝණය 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ජන මාධ්‍ය අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II, දෙවන අණදෙන නිලධාරි 9 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 55 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (මේහෙයුම්), යුද්ධ හමුදාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි සහ යුද්ධ හමුදා මූලස්ථානයේ අරක්‍ෂක ඛණ්ඩය භාර නිලධාරි, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණය ඇතිකිරිමේ මෙහෙයුම් මූලස්ථානයේ යුද නිරීක්ෂක, අණදෙන නිලධාරි 8 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, අණදෙන නිලධාරී 1 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය , සන්නද්ධ බළකා පුහුණු පාසලේ සේනාවිධායක, යුධ සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (ස්වේච්ඡා), කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, 212 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක, සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති යන ධූරයන් රැසක් හොබවා ඇත.
මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද බිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණ සූර පදක්කමෙන් පිදුම් ලබා ඇත. තවද, යුද්ධ හමුදා තනතුරු වලට පැවරෙන රාජකාරීන්ට අමතරව තම පුර්ණකාලීන සම්බන්ධීකරණයෙන් හා අධීක්‍ෂණයෙන් යුතුව හිසට සෙවනක් නොමැති සිංහල හා දෙමල නිවාස අවශ්‍යතා ඇති පවුල් 50 කට නව නිවාස ඉඳිකරිමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් එතුමන්ගේ සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රසංසනාත්මක ලාංජනයක් හිමිගන්වා ඇත. මෙම නිවාස අතුරින් 47 ක් ප්‍රථිලාබීන්ට ප්‍රධානය කර ඇති අතර, ඉතිරි නිවාස තුනක් තවමත් ඉදිවෙමින් පවති
තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරි පාඨමාලාව, ඒකක ආරක්‍ෂක නිලධාරී පාඨමාලාව, එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල මගින් මෙහෙයවනු ලද ශ්‍රි ලංකා ප්‍රජනක සෞඛ්‍ය වෙත පුරුෂ පක්‍ෂය දක්වන දායකත්වය පිළිබඳ පාඨමාලාව, ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව, මූලික කරුණු පිළිබඳ තොරතුරු තාක්ෂණ පාඨමාලාව, මානව හිමිකම් පාඨමාලාව, උපදේශක පාඨමාලාව සන්නාහ සන්නද්ධ සටන් නීතිය එක්සත් ජාතින්ගේ සංගමයේ සිවිල් හමුදා සම්බන්ධිකරන නිලධාරි පාඨමාලාව, මෙහෙයුම් නිරීක්ෂක සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පාඨමාලාව පකිස්ථානය, සන්නාහ සන්නද්ධ තරුණ නිලධාරි පාඨමාලාව ඉන්දියාව, උසස් සන්නාහ සන්නද්ධ තාක්‍ෂණික නිලධාරි පුහුණු පාඨමාලාව පාකිස්ථානය, සටන් කණ්ඩායම් අණදීම් පාඨමාලාව ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ සිවිල් වැසියන් සුරකිමේ පාඨමාලාව කොංගෝ, සන්නාහ සන්නද්ධ රථ බලඇණි අණදීම් පාඨමාලාව චිනය, ප්‍රජාව පදනම් කරගත් ආපදා අනතුරු කලමනාකරණය සඳහා ස්ත්‍රි පුරුෂ භාවය පදනම් වු පාඨමාලාව - කෙන්යාව,
එතුමන් සිය හමුදා දිවිය තුළ උපදේශණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකා පදනම් ආයතනය, මානව සම්පත් කලමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කැලණිය විශ්ව විද්‍යාලය, රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක සම්බන්ධතා පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව බණ්ඩාරනායක අන්තර් ජාතික රාජය තාන්ත්‍රික පුහුණු ආයතනය, චින භාෂාව හා චින සංස්කෘතිය පිළිබඳව අධ්‍යයන පාඨමාලාව චීනයේ හුවාචාවු (Huaqiao) විශ්ව විද්‍යාලය වැනි දේශීය හා විදේශීය හමුදාමය නොවන පාඨමාලා රැසැක් හදාරා ඇත.