08th September 2024 20:07:44 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් රචිත ‘රාජාලි සංදේශය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රචිත කාව්‍ය 2579 කින් සමන්විත ශ්‍රී ලංකා සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාව්‍ය සංදේශය වන ‘රාජාලි සංදේශය’ 2024 සැප්තැම්බර් මස 06 දින නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්විණි.
මෙම කාව්‍ය සංග්‍රහය ඔස්සේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව විරෝධාර රණවිරුවන් විසින් සිදුකල අති බිහිසුණු සංග්‍රාමය සහ පෙර රජ දවස මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එවැනි ඓතිහාසික සිදුවීම් ද සංසන්දනාත්මකව විමසා බැලෙන අතර, කුරිරු යුද්ධයේ දී හමුදා නිලධාරියෙකු වශයෙන් එතුමන් ලැබූ සිය පෞද්ගලික අත්දැකීම් ද එකට අමුණා ගනිමින් යුද්ධයේ සැබෑ ස්වරුපයේ තියුණු පිළිබිඹුවක් ලෙස කාව්‍යනුසාරයෙන් ඉදිරිපත් කරනු ලබයි.
එම සාහිත්‍ය කෘතියේ පලමූ පිටපත මහා සංඝරත්නය වෙත පිළිගැන්වීමේ සුවිශේෂී අවස්ථාව මෙන්ම ගෞරවය කතුවරියටත් චිත්‍රානි ගුණරත්න මහත්මියටත් හිමිවිය. අනතුරුව මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු කථානායක කරු ජයසූරිය, දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබිබෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන් වන ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න මහත්මින් වෙත පිරිනැමීම මෙහිදී සිදු කරනු ලැබීය. තවද, 'අභිමන්සල ' හි ආබාධිත රණවිරුවන් වෙත ද කෘතියේ පිටපත් පිළිගැන්වීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවේදී කෘතියේ සාහිත්‍යමය වැදගත්කම පිළිබඳ අවධාරනය කරමින් ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර විසින් පවත්වනු ලැබූ අතර, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින්ද පාඨකයන් වෙත රාජාලි සංදේශයේ සාහිත්‍යමය වැදගත්කම ඉදිරිපත් කළේය.
රාජාලි සංදේශය කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු සියලු රණවිරුවන් වෙත උපහාරයක් වන අතර, යුද්ධයට මැදි වූ සිවිල් ජනතාව විඳි අනේක දුක් වේදනා පිළිබඳ ශෝකජනක සිහිගැන්වීමක් ද වේ. ජෙනරල් ගුණරත්නගේ යුද බිමේ අත්දැකීම් සහිත මෙම කාව්‍යමය සාහිත්‍ය වෑයම ඔස්සේ, කවියට අව්‍යාජත්වයක් සහ චිත්තවේගාත්මක ගැඹුරක් ගෙන දෙන අතරම යුද්ධයේ බිහිසුනු බව සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා කැපවුණු රණ විරුවන් විසින් කරන ලද දැවැන්ත කැපකිරීම් ද මැනවින් ග්‍රහණය කර ගැනීමට පාඨකයන්ට ඉඩ සලසාලසා දී ඇත.
මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් සහ එතුමන්ගේ බිරිඳ වන සුජීවා නෙල්සන් මහත්මිය, විද්වතුන්, කලාකරුවන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසැක්ද සහභාගී වූහ.