Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2024 10:51:42 Hours

80 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ පූර්ව සැලසුම් සාකච්ඡා කිරීමට CISM නියෝජිත කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

බ්‍රසීල හමුදාවේ කර්නල් ක්ලේටන් රිකාඩෝ පොන්ටෙස් (Clayton Ricardo Pontes), (උපාය මාර්ග සහ පොදු සම්බන්ධතා කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ) සහ මේජර් ඩැනියෙල් ලෆරට්ටා කාඩෝසෝ(Daniel Laffaratta Cardoso), (සන්ධාන සහ ඉසව් කළමනාකරණ) ඇතුළු ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) නියෝජිත පිරිසක් 2024 සැප්තැම්බර් මස 05 දින යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

80 වැනි CISM වාර්ෂික මහා සභා රැස්වීම 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කිරීමට නියමිත මෙම සම්මේලනයේ සූදානම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙම හමුවේදී වාර්ෂික මහා සභා රැස්වීම කල්තියා සැලසුම් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කෙළේය.

දෙපාර්ශවය අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම තවදුරටත් ශක්තිමත්කරමින් මෙම හමුව අවසානයේදී යුද්ධ හමුදාපතිතුම සහ CISM නියෝජිත පිරිස අතර විශේෂ සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එල්.කේ.ටී ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.