05th September 2024 14:15:30 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යුඑස්පී පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ලේ දීමේ වැඩසටහනක් එම සේනාංකයේදී 2024 සැප්තැම්බර් මස 04 දින පවත්වන ලදී.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල් ලේ බැංකුවේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එම රෝහලේ රුධිර අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් එම සේනාංකයේ සාමාජිකයන් 95 දෙනෙකු ස්වේච්ඡාවෙන් මේ සඳහා දායක වූහ.