04th September 2024 21:01:22 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ දේශන මාලාවක් 2024 අගෝස්තු මස 28 දින එම සේනාංකයේදී පවත්වන ලදී.
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පවත්වන ලද දේශනය මඟින් භට පිරිස් හි තාක්ෂණික දැනුම උපයෝගී කොටගෙන නව නිපැයුම් ඉදිරිපත් කිරීම පිළිබද දැනුම වැඩිදියුණු කිරීම සහ මහජන ආරක්ෂක අමාත්‍යාශය යටතේ වන ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ දේශක, ධනුෂ්ක සම්පත් විජේසිංහ මහතා විසින් අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීම දේශනයක්ද පවත්වන ලදී.
එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු සෙසුනිලයන් 130 දෙනෙකුගෙන් සමන්විත භඨපිරිසක් මෙම වැඩමුළුව සදහා සහභාගී වූහ.