Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2024 21:14:26 Hours

විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙන් ගෞරවාචාර

විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්වීඩබ්ලිව්වීවී ආර්ඩබ්ලිබ්ලිව්පී ආර්එස්පී වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 31 දින සංවිධානය කරන ලදී.

එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, සිය කාර්යාලයේදී සේනාංකාධිපතිතුමන් නිලවශයෙන් තම ධූරය භාරදීමේ නිල ලේඛනයට අත්සන් තැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය. අනතුරුව පිටත්ව යන සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරත වීමට අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිලයන් ඇතුළු සිවිල් සේවකයන් සහභාගී වූහ.