Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2024 20:58:05 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමාගේ පැසසුමට

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සන්නද්ධ බුද්ධි බළකායේ බළකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 04 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පශ්චාත් යුද සමය තුළ ඉටුකළ මෙහෙවර මෙන්ම තම යුද්ධ හමුදාධිපතිධූර කාලය තුළදී විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය. එසේම වෘත්තීය ජීවිතය පුරාවට රාජකාරි ඉටුකිරීමේ දී එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සිදුකළ කැපකිරීම්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.

යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හොබවිමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත, යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පළකළේය. මෙම සුහඳ හමුව සමාප්තියේදී, විශ්‍රාම දිවියට එලබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1989 ජනවාරි මස 14 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට බඳවා ගන්නා ලදී. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යුද පුහුණුව සාර්ථකව අවසන් කිරිමෙන් අනතුරුව, දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබා 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්ත කරන ලදී. අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරියා 1991 මාර්තු මස 11 දින විශේෂ බළකායට යළි අනුයුක්ත කරන ලදී. එතුමන් 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ අතර 2024 සැප්තැම්බර් මස 06 දින වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී 5 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩ භාර නිලධාරි, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ ඛණ්ඩ භාර නිලධාරි, 2 රෙජිමේන්තු විශේෂ බලකායේ “ඩී” බලඝණයේ දෙවන නිලධාරි අණදෙන, 2 රෙජිමේන්තු විශේෂ බලකායේ “ඩී” බලඝණයේ නිලධාරි අණදෙන, 2 රෙජිමේන්තු විශේෂ බලකායේ “ආධාරක” බලඝණයේ නිලධාරි අණදෙන, 2 රෙජිමේන්තු විශේෂ බලකායේ “පාලන” බලඝණයේ නිලධාරි අණදෙන, 2 රෙජිමේන්තු විශේෂ බලකායේ දෙවන අණදෙන නිලධාරී, විශේෂ බළකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, විශේෂ බලකා බලසේනාව බලසේනා මේජර්, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි, 1 රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිලධාරී, විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත

යුද මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම (තුන්වරක්) සහ රණශූර පදක්කම (සිවුවරක්) යන සම්මානයන් වලින් පිදුම් ලබා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළ විශේෂ බලකා මූලික පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව,පාබල තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය, නිලධාරි අවි පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පකිස්ථානය සහ රේඩාර් පාඨමාලාව එක්සත් රාජධානිය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත.