Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2024 19:13:09 Hours

ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව චාරිත්‍රානුකූලව වී අස්වනු නෙළීම අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ එම ජෙිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ 2024 සැප්තැම්බර් මස 03 දින දඹුල්ල එම මූලස්ථාන පරිශ්‍රයේදී බෞද්ධ ආගමික හා සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව අස්වනු නෙළීම ආරම්භ කරන ලදී.

ඉතා කෙටි කාලයක්තුල අස්වැන්නක් ලබාදෙන විවිධ වී ප්‍රභේදයන් ඇතුළත්ව අක්කර 1.5 ක කුඹුරු මීට මාස කිහිපයකට ප්‍රථමයෙන් අස්වැද්දීමට කටයුතු යොදා තිබුනි. මෙම අස්වනු නෙළීම පුරාණ චාරිත්‍රානුකූල වත්පිළිවෙත්වලට අනුව සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ.