03rd September 2024 18:53:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ලෙස 2024 අගෝස්තු මස 28 දින අවසන් විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු සහභාගී වූයේය.
උඩරට නර්තන ශිල්පීන්ගේ සම්ප්‍රදායික නැටුමකින් උණුසුම් අයුරින් ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන් පිළිගැනීම සිදුකල අතර, මලල ක්‍රීඩා ශූරතාවලිය සහභාගීවූ ආරාධිතයින් සහ ක්‍රීඩකයින් සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ ඉතිහාසය සහ ක්‍රීඩා ජයග්‍රහණ පිළබඳ සිහිපත් කරමින් ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්පී.ජී.පී. සිසිර කුමාර ආර්ඩබ්ලිව්පී විසින් පිළිගැනීමේ කතාව සිදුකරන ලදී.
ස්වේච්ඡා බළකාය යටතේ ස්ථාපිත සෑම යුද්ධ හමුදා ආයතනයක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 අගෝස්තු මස 26 දින සිට 28 දක්වා ජවන හා පිටිය ඉසව් 24 ක් යටතේ තරඟ වැදුනි.
2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාන්‍ය සෙබල (කාන්තා) ඩබ්ලිව්.ඒ.එම්.ආර් විජේසූරිය මීටර් 10000 ක් මිනිත්තු 35:00.42කින් නිමාකර සිදුකල නව තරඟ වාර්තාවක් පිහිටවූවාය.
එසේම, 2023 වසරේ බැංකොක් නුවර පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවක් තබා 2024 වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා හෙල්ල විසිකිරීමේ තරඟයට සහභාගි වූ දිල්හානි ලේකම්ගේ වෙත ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් ඇය ඇගයීමට ලක්කරමින් මුල්‍ය ත්‍යාගයක් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළකාය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා උප සභාපති ජගත් ඥානසිරි සිල්වා මහතා, අනෙකුත් ආරාධිත නිලධාරීන් සහ ක්‍රීඩා නියෝජිතයින් සහභාගී වූහ.
අවසන් මහා තරගයේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ.
ශූරතාවය:
පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
කාන්තා කාණ්ඩය - 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
අනු ගූරතාවය:
පිරිමි කාණ්ඩය - ශ්‍රී ලංකා පාබල හමුදාව
කාන්තා කාණ්ඩය – 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව -
සැරයන් ඩබ්ලිව්.වී.එල් සුගන්දි - මීටර් 100 සහ බාධක දිවීම
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
සාමාන්‍ය සෙබළ- කේ.ඒ.පී. මල්ෂාන් මීටර් 100