03rd September 2024 19:15:49 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ වසර 35කට අධික කීර්තිමත් සේවා දිවියක් නිමාකරමින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යන විශේෂ බලකායට අනුයුක්ත මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සමුදීමේ උත්සවයක් පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2024 සැප්තැම්බර් මස 02 දි පවත්වන ලදී.
තම මව් රෙජිමේන්තුව වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්වෙත භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළේය. ඉන් අනතුරව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයකින් සමුගැනීමේ වැඩසටහන අවසන් විය. නිලධාරී නිවස්නයේ පැවති සුහද හමුවේදී, විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ කීර්තිමත් සේවා කාලය තුළ සිදුකල විවිධ පත්විම් සහ වගකීම් දරමින් යුද්ධ හමුදාවට සහ ජාතියට කළ අගනා මෙහෙවර බලකාධිපති තුමන් විසින් අගය කළ අතර, අනතුරුව ඔහුගේ විශ්‍රාම ගැන්වීමට සුබ පැතුම් එක් කළේය.