03rd September 2024 19:19:01 Hours
2024 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීම් තරඟාවලියේ විවෘත හා ආධුනික අංශයන් හි ප්‍රථම ස්ථානය ලබාගත් විශේෂ බලකාය සාමාජිකයින් වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත 2024 අගෝස්තු මස 31 දින ආරාධනා කරන ලදී.
2024 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීම් තරඟාවලියේ විවෘත හා ආධුනික අංශයන් දෙකෙහිම ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය හිමිකර ගන්නා ලදී. ආධුනික කාණ්ඩයේ නව වාර්තාවක් පිහිටවමින් දක්‍ෂතම වෙඩික්කරුවා ලෙස ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.ටී. සදකැලුම් විසින් සම්මාන හිමිකරගත් අතර, දක්‍ෂතම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි ලෙස බළලත් නිලධාරි II පී.එච්.එම්.පී.පුංචිහේවා විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.
මෙම හමුවේදී බලකාධිපතිතුමන් විසින් සුභාශිංසනය පළකරමින් ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය. ත්‍යාග ප්‍රදානෝත්සවයකින් අනතුරුව පැවති වර්ණවත් විනෝදාස්වාද වැඩසටහනකින් ිඋත්සවය සමාප්තියට පත්විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.