02nd September 2024 17:50:13 Hours
බ්‍රිගේඩියර් සලිල් පාණ්ඩේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 84 හි සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවූහ. එම දූත පිරිසට බ්‍රිගේඩියර් ටපෂ් කුමාර් මිශ්‍රා, එයාර් කොමදෝරු රාමචන්ද්‍ර වෙන්කටේෂ්වර ප්‍රකාශ් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි ඇතුළත් විය.
මෙම හමුවේදී මාණ්ඩලික ප්‍රධානිතුමන්, ඉන්දු - ලංකා හමුදාවන් අතර පවතින මනා සහයෝගීතාව පිළිබඳ කරුණු අවධාරණය කළ අතර, එහිදී එම සබඳතා ශක්තිමත් කර ගැනීමේ සහ පුහුණු ආකෘතීන් හුවමාරු කරගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉන්දිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මාණ්ඩලික ප්‍රධානීතුමන් වෙත සිය කෘතඥතාවය පළ කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිට අනතුරුව, සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවකින් වැඩසටහන අවසන් විය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ලේකම් මේජර් ජෙනරල් කේ. එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් පුහුණු සහභාගී වූහ.