Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2024 18:00:57 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සපුමල්ගස්කඩ විහාරයේ නව චෛත්‍යය විවෘත කරයි

වව්නියාව, බෝගස්වැව, සපුමල්ගස්කඩ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය 2024 අගෝස්තු මස 31 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.

විහාරස්ථානයවෙත සපැමිණි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩු, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පූජෝත්සවයේදී සපුමල්ගස්කඩ විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් සපුමල් චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සහ දාන සලාව විවෘත කිරීම සිදුකරන ලදී. ඉන්පසුව ලේකම්තුමන් ඇතුළු ආරාධිතයන් විසින් අභිනවයෙන් ඉදිකරන ලද සපුමල් චෛත්‍යයට මල් පූජා කිරීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, බෝසත් පාරමිතා පදනම සහ සසුන්කෙත අස්වද්දමු සංවිධානවල සාමාජිකයින්, ඇතුළු ගම්මානයේ සැදැහැවත් පිරිසක්ද සහභාගී වූහ.