02nd September 2024 14:25:29 Hours
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 24 දින සේනාංක මූලස්ථානයේදී සිය 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී. සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් පසුව එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී විය. තවද, සංවත්සර දිනයේ වැඩකටයුතු නිමාකරමින් එදින රාත්‍රියේ වර්ණවත් සංගීත වැඩසටහනක්ද පැවැත්විණි.
සංවත්සරය නිමිත්තෙන් “සේනාංකාධිපති අභියෝගතා ක්‍රිකට් තරඟාවලිය 2024” අගෝස්තු මස 18 දින සිට 23 දින දක්වා පැවැත්විණි. උණුසුම් තරඟයක් අවසන් කරමින් 19 ශ්‍රී ලංකා පාබල හමුදාව ජයග්‍රහණය අත්කර ගනිමින් ශූරතාවය තහවුරු කර ගන්නා ලදී. දක්‍ෂතම පන්දු යවන්නාට හිමි කුසලානය ශ්‍රි ලංකා පාබල හමුදාවේ කපිතන් ජේ.කේ.ඩී.ඩී. සිල්වා හට හිමි වූ අතර, මාණ්ඩලික සැරයන් ඩී.ජී.ඒ.එස්. කුමාර තරඟාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය. මීට සමගාමීව, 2024 අගෝස්තු මස 21 දින බෝධි පූජාවක්ද පවත්වන ලදී.