01st September 2024 15:04:07 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සිය 40 වන සංවත්සර දිනය උත්සව මාලාවකින් අභිමානවත් අයුරින් 2024 අගෝස්තු මස 28 දින සමරන ලදී.
සැමරුම් උත්සවයට සමඟාමීව මින්නේරිය වැව් බැම්ම අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 20 දින ක්‍රියාත්මක කරන ලදී.
ඉන් අනතුරුව මින්නේරිය දේවාලයේදී 2024 අගෝස්තු මස 21 දින විවිධ ආගමික වතාවත් මඟින් ධජ ආශිර්වාද කිරීම සහ 2024 අගෝස්තු මස 22 දින සෝමාවතිය පුදබිමේදී බෝධි පූජාමය පිංකමක් පැවැත්වීය. පසුව මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක්ද 2024 අගෝස්තු මස 23 දින පෙරවරුවේදී පැවැත්විණි.
සංවත්සරයට සමගාමීව 2024 අගෝස්තු මස 26 දින අක්කරපත්තු මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව රුධිර පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රධාන උත්සවය ආරම්භකරමින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් එම පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි ස්මාරයක වෙත සෙනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී විසින් 2024 අගෝස්තු මස 28 දින පුෂ්පෝපහාර දැක්විය.
පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාවිධායකතුමන් භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් සේනාවිධායකතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම කඳවුරු පරිශ්‍රයේ දෙහි පැළ සිටුවන ලදී.
සංවත්සර දින උත්සව මාලාව අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සේනාවිධායක තුමන් පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරීතුමන්, ප්‍රධාන උපදේශකතුමන්, මාණ්ඩලික නිලධාරීන්, උපදේශක නිලධාරීන්, පුහුණු මධ්‍යස්ථානයේ සැරයන් මේජර් සහ සෙසු නිලයන් සහභාගී වූහ.