02nd September 2024 14:20:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් මුල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 2024 අගෝස්තු මස 22 දින සංචාරයක නිරත විය.
1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩ්ලිව්.කේ.ඒ.පී. වන්නිආරච්චි යුඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, අණදෙන නිලධාරී විසින් ඒකක කාර්යයන්, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් බලකාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී.
බලකාධිපති තුමන් භට පිරිස් අමතමින් යුද්ධ හමුදාවේ කීර්තිය සහ විනය ආරක්‍ෂා කරමින් බලකායේ අභිමානය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
එතුමන් විසින් තවදුරටත් ගෞරවාන්විත රැකියාවකට හිමිකම් ඇති ඔවුන්ගේ වරප්‍රසාදයන් සිහිපත් කරමින් එම උරුමය රැක ගැනීමට ඔවුන් දිරිමත් කරන ලදී.
මෙම සංචාරය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපකට පෙනී සිටීමෙන් පසුව එතුමන් විසින් පැලයක්ද රෝපණ කළේය. අනතුරුව බලකාධිපති තුමන් විශේෂ අමුත්තන්ගෙ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව, සංචාරයේ වැඩකටයුතු අවසන් විය.