Header

Sri Lanka Army

Defender of the Nation

01st September 2024 14:57:08 Hours

52 පාබල සේනාංකයේ දී නිලධාරීන් වෙනුවෙන් පුහුණු දිනයක්

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් වෙනුවෙන් පුහුණු දිනයක් එම සේනාංකයේදී 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.

පුහුණු වැඩසටහන අතරතුර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් එස්.ඩී.ඩී.ඒ.මධුසංඛ විසින් ‘බංග්ලාදේශ අර්බුදය’ යන මාතෘකාව ඔස්සේ අධ්‍යාපනික දේශනයක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ බලඇණිවල නිලධාරීන් සහභාගී වූ අතර, තවත් නිලධාරින් පිරිසක් අන්තර්ජාලය හරා සම්බන්විය. අනතුරුව, නිලධාරින් අසන ලඳ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් පුහුණු දිනයේ වැඩකටයුතු අවසන් විය.