Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2024 22:54:57 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 30 දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමය‍, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම තරඟාවලිය 2024 අගෝස්තු මස 16 දින සිට 25 දින දක්වා කාලසීමාව අතරතුර දියතලාව වෙඩි පිටියේදී පැවැත්විණි. විවෘත‍, ආධුනික හා සේවා රෙඡිමේන්තු කාණ්ඩ ඔස්සේ තරඟ වැදුණු මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 37 ක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගි වූහ.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ රෙජිමේන්තු සහ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

1. විවෘත කණ්ඩායම් ශූරතාවය

ශූරතාවය: විශේෂ බලකාය

අනුශූරතාවය: ගජබා රෙජිමේන්තුව

2. නවක කණ්ඩායම් ශූරතාවය

ශූරතාවය: විශේෂ බලකාය

අනුශූරතාවය: කමාන්ඩෝ රෙජිමේන්තුව

3. සේවා රෙජිමේන්තු ශූරතාවය

ශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා හමුදා පොලිස් බලකාය

අනුශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

4. තුන් ඉරියව් දක්‍ෂතම වෙඩික්කරු: 3 විශේෂ බළකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.ටී. සඳකැලුම්

5. ධජ නිලධාරි අංශයේ දක්‍ෂතම වෙඩික්කරු - බ්‍රිගේඩියර් එච්.ඒ.ඒ.එන්.සී ප්‍රභාත් ආර්එස්පී යූඑස්පී

6. දක්‍ෂතම ජ්‍යෙෂ්ඨ නිලධාරි - කර්නල් ඩී.සී.එස්.කේ අතුකෝරල ආර්එස්පී

7. දක්‍ෂතම කාන්තා වෙඩික්කරු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් කේ.ඩී.එම්.ඩී දිසානායක

8. ආධුනික අංශයේ දක්‍ෂතම වෙඩික්කරු - විජබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් පී‍.ඩබ්ලිව්.එස්.එන්. ජයසිංහ