30th August 2024 11:54:34 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය වෙනුවෙන් පවත්වන වන එක්සත් ජාතීන්ගේ අතුරු බලකා පෙර යෙදවීමේ පුහුණු පාඨමාලා අංක - 16 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 අගෝස්තු මස 29 දින සාර්ථකව නිම කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ, ගුවන් හමුදාවේ නිලධාරීන් 28 දෙනෙකු සහ සෙසු නිලයන් 218 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව 2024 අගෝස්තු 05 දින ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ ප්‍රායෝගික සහ න්‍යායික අංශයන් සහ නියෝග අනුව පැවරී ඇති විශේෂ කාර්යයන් පිළිබඳව අවබෝධය වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ විය.
සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී විසින් සහතිකපත් ප්‍රදානය කිරිමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට එම පුහුණු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගී වූහ.