30th August 2024 12:00:47 Hours
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ 29 වන සංවත්සරය බෞද්ධ ආගමික හා යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 28 දින සමරන ලදී.
සේනාංකයට, යුද්ධ හමුදාවට සහ භට පිරිස් වෙත ආශිර්වාදය පතා බෝධි පුජා පිංකමක් 2024 අගෝස්තු මස 18 වන දින සේනාංක මූලස්ථානයේ පිහිටි විහාර භූමියේදී පවත්වන ලදී.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති වෙත 17 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී. සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් පසුව භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. අනතුරුව, එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී විය. තවද, සංවත්සර දින උත්සව වැඩකටයුතු නිමාකරමින් එදින රාත්‍රියේ වරණවත් සංගීත වැඩසටහනක් පැවැත්විණි.