Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2024 17:43:09 Hours

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති තම බලසේනා සහ බලඇණි වල නිල සංචාරයක නිරතවෙයි

57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 571, 143, සහ 611 පාබල බලසේනාවල සහ ඊට අදාළ බලඇණිවල 2024 අගෝස්තු මස 20 සහ 26 යන දිනයන්හිදී නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී සේනාංකාධිපතිතුමන් වෙත එක් එක් බලසේනා සහ බලඇණිවල භූමිකාවන්, කාර්ය භාරයන් සහ වත්මන් මෙහෙයුම් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා ගැනීමෙන් අනතුරුව, එතුමන් විසින් භටපිරිස් ඇමතන ලදී. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.