Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2024 17:44:43 Hours

1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ‘KIOSK SHOP’ සුභසාධන සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ‘KIOSK SHOP’ සුභසාධන සාප්පු සංකීර්ණය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එම බලකායේදී 2024 අගෝස්තු මස 26 දින නිල වශයෙන් විවෘත කරන ලදී.

යුද්ධ හමුදා ලාංඡන, පදක්කම්, සපත්තු, සිවිල් ඇඳුම්, සුවඳ විලවුන්, බෑග්, විසිතුරු භාණ්ඩ සහ අනෙකුත් ගුණාත්මක නිෂ්පාදන මෙහිදී අලෙවි කරනු ලබයි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගි වූහ.