29th August 2024 17:50:18 Hours
යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජි.පී.එස්.කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 අගෝස්තු මස 26 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
නව අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ඉදිරියේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගත්තේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.