28th August 2024 15:52:41 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එම්.එස් දේවප්‍රිය යුඑස්පී එන්ඩිසී, රොක් හවුස් කඳවුරේ පැවති කෙටි උත්සවයකදී 2024 අගෝස්තු 26 වන දින වැඩ භාර ගන්නා ලදී.
අභිනවයෙන් පත් කරන ලද කර්නල් සේනාවිධායකවරයා මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය අභිනව කර්නල් සේනාවිධායකවරයා වෙත පිරිනමන ලදී. බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදි වැඩ භාරගැනීම සංකේතවත් කරමින් මේජර් ජෙනරල් එම්.එස්.දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී විසින් නිල ලේඛනයකට සිය පවුලේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඉදිරියේ අත්සන් තැබීය.
අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව භට පිරිස් අමතා නිලධාරී නිවස්නයේදි නිලධාරීන් ඇමතීය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද මෙම උත්සවයට සහභාගී වූහ.