30th August 2024 22:54:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 553 පාබල බලසේනා පරිශ්‍රයේ ඉදිකළ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී මඟපෙන්වීම යටතේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී සහ 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස් මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී විසින් ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී.
බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යහපැවැත්ම සහ ශාරිරික යෝග්‍යතාවය ඉහළ නැංවීම වෙනුවෙන් මෙම නව ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකළ අතර එය විවෘත කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද එක් වූහ.