26th August 2024 13:56:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනයේ ඊවිනෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නිවස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින සුගන්‍යා මහත්මිය වෙත පවරා දෙන ලදී.
15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ශ්‍රම දායකත්වය මත ඉදිකරන ලද නව නිවස සුමි සින්නයියා මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ Wanni Aid Canada සංගමය විසින් මුල්‍ය දායකත්වය ලබා දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලද්දේ මේජර් ජෙනරල් රවී රත්නසිංගම් (විශ්‍රාමික) විසිනි.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම් .සී .බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 511 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර ආර්එස්පී යූඑස්ඒ සීජිඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන්ද එක්වූහ.