Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2024 18:29:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංවිධානය කළ ඉසව් රැසකට සහභාගී වෙයි

යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තල් සමාජ අභියෝග කුසලාන තරඟාවලියේ දෙවන ලීග් තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු මස 25 දින සහභාගී වූයේය. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගීතාවයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් සිදුකරන ලද සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය සිවිල් ජනතාවගේ සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පැවැත් විය.

තරඟයේ ජයග්‍රහණය කිලිනොච්චි Geniuses කණ්ඩායමට හිමි වූ අතර ජයග්‍රාහී කණ්ඩායම වෙත යුද හමුදාපතිවරයා විසින් ත්‍යාග සහ ‘තල් සමාජ අභියෝගතා කුසලානය’ ප්‍රදානය කරන ලදී. ආඥාපති - උතුරු නාවික විධානය වයිස් අද්මිරාල් රොහාන් අබේසිංහ , උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ,මෙන්ම යුද්ධ හමුදා සහ සිවිල් ජනතාව විශාල පිරිසක් මෙම තරඟාවලිය නැරඹීමට එක්වූහ. අනතුරුව, 51 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව තරඟයේ අවසානය සනිටුහන් විය.

යුද්ධ හමුදා භට පිරිස් විසින් පලාලි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද දැල්පන්දු, පාපන්දු තරඟ සඳහා පහසුකම් ඇතුළත් බහුවිධ ක්‍රීඩා පිටිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් විවෘත කරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් CIMIC උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී විසින් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ ලබා දීමෙන් පසුව, දිනයේ වැඩකටයුතු අවසන් විය.