23rd August 2024 17:39:19 Hours
ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින හමුදා සම්ප්‍රදායානුකූලව සමුදෙන ලදී.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නික්මයන ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව, එතුමන් සියලු නිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. ආඥාපතිතුමන් භට පිරිස් අමතමින් එතුමන්ගේ ධූර කාලය තුළ ඔවුන් කළ අගනා සේවයට සිය කෘතඥතාව පළ කළේය.
මෙම වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.