23rd August 2024 17:37:39 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසැලේ පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව අංක - 37 සඳහා සහභාගී වූ සේනාංකයේ සෙබළුන් 32 දෙනෙකු 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.
මෙම පාඨමාලාව 2024 මැයි මස 09 දින සිට 2024 ජූලි මස 31 දින දක්වා සෙබළුන් 67 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. 2024 අගෝස්තු මස 18 දින සේනාංකයේ පැවති උත්සවයකදී සේනාංකාධිපතිතුමන් විසින් පාඨමාලාවට සහභාගී වී පාඨමාලාව තුල එම සෙබළුන් ලබාගත් ජයග්‍රහණයන් අගය කළේය.