Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2024 20:45:09 Hours

මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගය කරයි

වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් 2024 අගෝස්තු 22 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ ඉටුකළ මෙහෙවර මෙන්ම තම යුද්ධ හමුදාධිපති ධූර කාලය තුළදී විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය. එසේම වෘත්තීය ජීවිතය පුරාවට රාජකාරි ඉටුකිරීමේ දී එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සිදුකළ කැපකිරීම්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මඟපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි සහ එම මැතිණිය වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදි.

එතුමන් පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 31 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී.

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් 05 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය වෙත අනුයුක්ත කෙරිණි.යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 පෙබරවාරි 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 අගෝස්තු 24 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. විශ්‍රාම ලබන විට එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාධිපති ධූරය හොබවයි.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් යුද්ධ හමුදාව තුල බල රැලි නායක 3 සන්නද්ධ රෙජිමේන්තු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, වාලච්චේන ආරක්‍ෂක සම්බන්ධීකරණ මූලස්ථානයේ බුද්ධි නිලධාරි, 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රැලි නිලධාරි, 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ “බී” බලඝනයේ දෙවන රැලි නිලධාරි, 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විධායක අධිකාරි, 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ “සී” බලඝනයේ රැලි නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පාලන), ධීවර හා ජලජ සම්පත් ගරු අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි, සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි, ජනාධිපති ආරක්‍ෂක බළකායේ 1 රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ජනාධිපති මහින්ද රාජපක්‍ෂක මැතිතුමාගේ අධිසහයක, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරන, ආරක්‍ෂක සේනා මූලස්ථාය - කිලිනොච්චිය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 551 පාබල බලසේනාවේ කාර්ය නියුතු බලසේනාධිපති, සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ලේකම්, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ මාණ්ඩලික (යුද්ධ හමුදා), 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද සේවා ලේකම්,ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත

එතුමන් යුද්ධ හමුදා සේවා කාලය තුළ දැක්වූ නිර්භීත ක්‍රියාකලාපය හේතුවෙන් එතුමන් වෙත වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් පිදුම් ලබා ඇත. එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළදී කණ්ඩභාර නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව,පරිගණක පාඨමාලාව,යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, සන්නද්ධ තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව,චෙක් ජනරජයේ T-55 AM2 - ප්‍රධාන යුධ ටැංකිය ක්‍රියාත්මක කිරීමේ පාඨමාලාව, පකිස්ථානයේ සන්නද්ධ උපදේශක පාඨමාලාව, ප්‍රංශයේ සහ ඉන්දියාවේ ප්‍රභූ ආරක්ෂක පාඨමාලා, ස්විට්සර්ලන්තයේ ආරක්‍ෂාව පිළිබඳ නව ගැටළු විසදීමේ පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, සහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන් හමුදා දිවිය තුළදී ඉන්දියාවේ දේවි අහ්ලියා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය(MPhil) වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක්ද හදාරා ඇත.