Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2024 08:57:14 Hours

විශ්‍රාම දිවියට පිවිසෙන මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගජබා රෙජිමේන්තුවෙන් උපහාර

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙනුවෙන් ගජබා රෙජිමේන්තුවේදී වර්ණවත් විශ්‍රාම උත්සවයක් 2024 අගෝස්තු මස 20 දින පවත්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, විශ්‍රාම දිවියට පිවිසෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරමින් උත්සව කටයුතු ආරම්භ විය.

ගජබා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ පැවති සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකින් උත්සවය අවසන් විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්ද එක් වූහ.