21st August 2024 18:58:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය සිය 32 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් 2024 අගෝස්තු මස 20 දින සමරන ලදී.
2024 අගෝස්තු මස 18 වන සැමරුම් දිනය ආරම්භ කරමින් එදින රාත්‍රියේ දී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව, කෙඩෙට් නිලධාරි නිවස්නයේදී (Officer Cadets’ Mess) භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් උදෙසා දානය පිරිනමනු ලැබීය. රණවිරු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝඋපහාර දැක්වීමෙන් අනතුරුව එදිනට නියමිත වැඩකටයුතු අවසන් විය.
සංවත්සර සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත 2024 අගෝස්තු මස 20 දින හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළේය. සේනාවිධායකතුමන් පැමිණි සිටි පිරිස අමතමින් හිටපු සේනාවිධායකයින් සහ කාර්ය මණ්ඩලය වෙත කෘතඥතාව පළකරමින් විද්‍යාපීඨයේ කීර්තිය වෙනුවෙන් ඔවුන් දැක්වූ දායකත්වය අගය කළේය.
අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සේනාවිධායක තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැළ සිටුවීමේ උත්සවයකට සහභාගී විය. මීට අමතරව, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින විද්‍යාපීඨයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සඳහා මූල්‍ය ආධාර ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සිය 32 වැනි සංවත්සරය සනිටුහන් කරමින් කොමිෂන් නොලත් නිලධාරි සමාජශාලාවේදී (Corporals’ Club) පවත්වන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සැමරුම් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.