21st August 2024 14:34:41 Hours
අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පනාගොඩ වැටුප් සහ ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2024 අගෝස්තු මස 14 නිල සංචාරයක නිරත වූයේය.
අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වැටුප් සහ ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස්. ද සිල්වා සමඟින් එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. පසුව විශ්‍රාම වැටුප් කළමනාකරණය, විදේශ පාඨමාලා සහ ණය ගෙවීම් ආවරණය කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය, කාර්යයන් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.අනතුරුව, මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් අමතා සමූහ ඡායාරූපයකින් පසුව සංචාරය අවසන් කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.