Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2024 09:00:11 Hours

අභිනවයෙන් පත් වූ යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වැනි යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 2024 අගෝස්තු මස 20 දින ධූරයේ රාජකාරී ගත්තේය.

සිය කාර්යාලයට සපැමිණි නව යුද සේවා ලේකම් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගත්තේය. මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගී වූහ.

නව පත්වීමට පෙර එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - පුහුණු ධූරයේ රාජකාරි කළේය.