21st August 2024 10:43:02 Hours
මතුගම අධ්‍යාපන කලාප වාර්ෂික කලාප ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. මෙම උත්සවය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී 2024 අගෝස්තු 09 දින පැවැත්විය.
මෙම ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා ඉසව්, තූර්ය වාදක සංදර්ශන සහ වෙනත් විවිධ ප්‍රසංග වලින් සමන්විත විය. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විනායානුකූලව ක්‍රීඩා කිරීම, ක්‍රීඩාශීලිත්වයේ වැදගත්කම අවධාරනය කරමින් සිසුන් අතර දරාගැනීමේ හැකියාව, අධිෂ්ඨානය, එකමුතුකම ඇති කිරීමට ඔවුන්ට ඇති හැකියාව සඳහන් කළේය. අනතුරුව, එතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.