Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2024 18:18:39 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක නිල සංචාරයක

යුධ සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී 3,5,11 ඉංජිනේරු සේවා රෙජිමේන්තු, සහ ඉංජිනේරු සේවා නිලධාරී අණදෙන භට පිරිස් (මුලතිව්) වෙත 2024 අගෝස්තු මස 11 සහ 12 යන දෙදින තුළ සංචාරයක නිරත වූයේය.

එම ස්ථානයන් වෙත සපැමිණි කර්නල් සේනාවිධායක තුමන් වෙත භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරීන් සහ නිලධාරි අණදෙන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අදාළ කඳවුරු වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඒකකයේ කාර්යභාරය, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කල අතර, ඔවුන් හමුදාව වෙනුවෙන් ඉටු කරන ලද කාර්යභාරය අවධාරණය කළේය.

මෙම සංචාරයන්වලදී සමූහ ඡායාරූපවලට පෙනීසිටීම, පැළ රෝපණය සහ එක් එක් ඒකකයන්හි භට පිරිස් ඇමතීම සිදු කෙරිණ. අනතුරුව,විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් කර්නල් සේනාවිධායක සිය සංචාරය අවසන් කළේය.