Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2024 18:49:33 Hours

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක්

ශිෂ්‍ය නායිකාවන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2024 ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේදී 2024 අගෝස්තු මස 13 දින පැවැත්විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමා නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.

මෙම උත්සවයේදී ශිෂ්‍ය නායකයින් 124 දෙනෙකුට නිල ලාංඡන පළඳවනු ලැබූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව වගකීම් සිහිපත් කරමින් ඔවුන්ට හිමි නිල ලාංඡන සංකේතාත්මකව පළන්දවන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය.