Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2024 18:30:41 Hours

24 පාබල සේනාංකය අම්පාර ප්‍රදේශයේදී බේස්බෝල් පුහුණු කඳවුරක් පවත්වයි

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ බේස්බෝල් ක්‍රීඩාවේ නිපුණතාවය සහ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් 2024 අගෝස්තු මස 16 දින විශේෂ පුහුණු කඳවුරක් සංවිධානය කර තිබිණි.

ආසියානු බේස්බෝල් සම්මේලනයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්‍ෂ සහ ජපානයේ ජාත්‍යන්තර සංවර්ධන බේස්බෝල් සම්මේලනයේ ප්‍රධානී සුජීව විජයනායක මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. සමාප්ති උත්සවයේදී ඊට සහභාගී වූ පාසල් උපදේශකයින් සඳහා රුපියල් මිලියනයකට අධික බේස්බෝල් උපකරණ ප්‍රදානය කිරීම විජයනායක මහතා ගේ සුරතින් මෙම අවස්ථාවේදී සිදුවිය.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.ආර්. හසන්ති මහත්මිය, අම්පාර අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල්වල ශාරීරික පුහුණු උපදේශකවරුන් ඇතුළු පුහුණුකරුවන් 30 කට අධික පිරිසක් මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගී වූහ.