Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2024 10:42:26 Hours

22 පාබල සේනාංකය මූලිකත්වයෙන් වෛද්‍ය සායනයක්

ත්‍රිකුණාමලයේ රේවත ළමා නිවාසයේ නේවාසික දැරියන් 29 දෙනෙකු සහ පාලිකාවන් තිදෙනෙකු සදහා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය සායනයක් 2024 අගෝස්තු මස 18 දින පවත්වන ලදී.

මෙම සායනය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 22 පාබල සේනාංකයේ ස්ථාපිත ක්‍ෂේත්‍ර රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගය මත මෙම වෛද්‍ය සායනය පැවැත්වූ අතර, අනතුරුව සායනයට සහභාගී වූ සියලු දෙනාට ප්‍රණීත ආහාරපාන ලබාදීමට කටයුතු සලසා තිබිණි.