21st August 2024 10:42:45 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන ‘ කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 57’ සාර්ථකව අවසන් කළ අයවළුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 17 දින පැවැත්විණ.
අම්පාර සටන් පුහුණු පාසලේ මාස තුනක කාලසීමාවක් තුල පැවති පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිළධාරීන් 80 දෙනෙකු සහභාගී වූහ. 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.බී. ඩිල්ෂාන් පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ඇගයීමට ලක්විය.
සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහභාගී විය. එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද මෙම සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූහ.