Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2024 18:07:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට එක්වෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟ එක්ව මහනුවර ඇසළ පෙරහැරේ අවසන් වන රන්දෝලි පෙරහැර 2024 අගෝස්තු මස 19 දින නැරඹුහ. ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික අංගයන් අතරින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

මෙම අවස්ථාවට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් නාවික හා ගුවන් හමුදාපතිවරු, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,ඔවුන්ගේ භාර්යාවන් සහ විවිධ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.