Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2024 22:18:20 Hours

විශ්‍රාම යන හමුදා ලේකම්වරයාගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමා අගය කරයි

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත යුද හමුදා ලේකම් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 16 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළ ඉටුකළ මෙහෙවර මෙන්ම තම යුද්ධ හමුදාධිපති ධූර කාලය තුළදී විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටුකළ සේවය ඇගයීමට ලක් කළේය. එසේම වෘත්තීය ජීවිතය පුරාවට මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී රාජකාරි ඉටුකිරීමේ දී එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සිදුකළ කැපකිරීම්ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින්, මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී, යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී වෙත සමරු සිහිවටනයක් ප්‍රදානය කරන ලදී.

1989 නොවැම්බර් මස 14 දින ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කැඩෙට් නිලධාරි අංක 7 යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට බඳවා ගන්නා ලදී. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සහ රත්මලාන කොතලාවල විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ දි යුද පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබා 1991 නොවැම්බර් 11 දින එතුමන් ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. එතුමන්, යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. එතුමන් 2024 අගෝස්තු මස 21 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත. විශ්‍රාම ලබන එතුමන් දැනට යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති ධූරයන් හි රාජකාරි සිදුකරනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් 3 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, 3 බලඇණියේ ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි, 06 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, 12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 2 (භටකාර්ය සම්පාදන), ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ බලඝණාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, මාණ්ඩලික නිලධාරි 2 (පාලන), 211 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනා මේජර්, 6 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ යුද නිරීක්‍ෂක, 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), 1 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), ආධුනික පුහුණු අංශයේ අණදෙන නිලධාරී - යුද්ධ හමුදා පුහුණු පාසල, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි 1, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය රෝහලේ ආරක්‍ෂක හා උපක්‍රමික අධ්‍යයන පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති 21 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, 574 පාබල බලසේනාවේ කර්ය නියුක්ත බලසේනාධිපති, යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද ලේකම් 3, යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර යුද ලේකම්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද හමුදා ලේකම්, සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

යුද්ධ හමුදා සේවා කාලය තුළ දැක්වූ නිර්භීත ක්‍රියාකලාපය හේතුවෙන් එතුමන් වෙත රණ වික්‍රම පදක්කම පිරිනමා ඇත.

එතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ කණ්ඩභාර නිලධාරි පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, කණිෂ්ඨ අණදෙන්නගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් පුහුණු පාඨමාලාව නිලධාරි, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් සන්නද්ධ හමුදා නිලධාරි උපදේශක පුහුණු පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂක සහ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, අණදෙන අණදෙන නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාව, ආරක්‍ෂක සහ රාජ්‍ය තාන්ත්‍රික පිළිබඳ ආරක්‍ෂක පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව - පකිස්ථානය, පැරශුට් පාටමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නංගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙයුම් පිළිබඳ විශේෂඥ පාඨමාලාව - ෆින්ලන්තය,ඒකක අණදෙන්නන්ගේ සහ මාණ්ඩලික පාඨමාලාව - බංග්ලාදේශය, ජාතික ආරක්‍ෂව සහ යුද පාඨමාලාව - පකිස්ථානය යන දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත

එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයනය), ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය, පකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂාව සහ යුධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වෘත්තීය සහතික පත්‍රය ඉංග්‍රීසි පාඨමාලාද වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත