Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2024 08:46:08 Hours

ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායට නව නිල ලාංඡනයක්

ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය සඳහා නව ලාංඡන හඳුන්වාදීමේ උත්සවයක් 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ දී 2024 අගෝස්තු මස 09 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී සිසිර කුමාර ආර්එස්පී සහභාගී විය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.

මෙම උත්සවයේදී නියෝජ්‍ය සේනාවිධායක විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 22 දෙනෙකු වෙත නව හඳුනාගැනීමේ ලාංඡන පැලඳවීම සිදු කරන ලද අතර, ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ ඉතිහාසය විදහා දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රදර්ශනයෙන් අනතුරුව, සම්බන්ධීකරණ නිලධාරි විසින් නව ලාංඡන පිළිබඳ ආරම්භක දේශනයක් පවත්වන ලදී.

නිල ලාංඡන පැලඳවීමේ උත්සවයට සහභාගිත්වය වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කිරිමත් සමඟින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ.