Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2024 13:34:01 Hours

සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව අංක - 11 සාර්ථකව විසිර යයි

සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 11 හි සහතිකපත් ප්‍රදානෝත්සවය නයාරු විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 14 දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකා රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූයේය. පාඨමාලා අංක -11 යටතේ නිලධාරියෙකු සහ සෙසු නිලයන් විසිනව දෙනෙක් පාඨමාලාව සාර්ථකව හදාරා විසිර ගියහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සහභාගී වූහ.