Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2024 13:36:04 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 57 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබිලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්.ඩබ්ලිව්.වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත, පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි 57 පාබල සේනාංකයේ 2024 අගෝස්තු මස 13 දින සංචාරයක නිරත විය.

57 පාබල සේනාංකයවෙත සැපමිණි ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. වයඹ පලාත සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි 57 සේනාංකය ප්‍රති- සංවිධානය කිරීම සහ සැලසුමේ ප්‍රගතිය පිළිබඳ මෙම සංචාරයේදී එතුමන් දැනුවත් විය. එසේම බලසේනා මූලස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය ද මෙහිදී නිරීක්ෂණයට ලක්වූ අතර ප්‍රදේශයේ පවතින පහසුකම්, ඌණතා මෙන්ම බලප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳවද මෙහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර තුමන්ගේ අවධානය යොමු කරනු ලැබිණි.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ