16th August 2024 13:37:50 Hours
යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සි අයිජි යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2024 අගෝස්තු මස 13 දින සංචාරයක නිරත වූයේය.
අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත සැපැමිණි යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් තුමන්ව යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සංචාරයේ නියුතු විධායක ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අධ්‍යක්‍ෂ මණ්ඩලය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එතුමන් භට පිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව, සංගීත හා නැටුම් කණ්ඩායම්වල ඉදිරිපත්කිරීම් කිහිපයක් රසවිඳීමෙන් පසුව එම අධ්‍යක්‍ෂ මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය කළේය
මෙම සංචාරයට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ.